Saturday, September 30, 2017

පැවරුම් කාරක (Assignment Operators)



පයිතන් භාෂාවේ භාවිතා වෙන කාරක (Python Operators) වලින් අංක ගණිතමය කාරක,සැසදුම් කාරක වගේම තාර්කික කාරක ගැනත් පහුගිය post වලින් අපි කතා කලා.අද මන් බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් කාරක වර්ග දෙකක් වෙන පැවරුම් කාරක ගැන කියල දෙන්න.

විචල්‍යයකට (Varibale) අගයක් පැවරීමේදී(assigning a value) භාවිතා කරන කාරක පැවරුම් කාරක වර්ගයට අයත් වෙනවා.උදාහරණයක් විදියට ඉස්සෙල්ලම පහත ප්‍රකාශනය බලමු.

a=2

මේ ඉතාමත් සරල ප්‍රකාශනයේදී අපි කරලා තියෙන්නේ a කියන විචල්‍යයට 2 කියන අගය යොදන එකයි.මෙතනින් පස්සේ a වල අගය වෙනස් වෙන ප්‍රකාශනයක් පයිතන් ක්‍රමලේඛයේ යම් තැනක තියනවනම් එතන වෙනකන්  a වල අගය 2 විදියට තියනවා.ඒ කියන්නේ ඊට පහලින් පයිතන් වැඩසටහනේ 

a=4 

කියල තියනවනම් එතනින් පස්සේ වල a අගය 4 වෙනවා.මෙතැනදී මම භාවිතා කරපු = කාරකය පැවරුම් කාරක වර්ගයට අයිති වෙනවා.
දැන් අපි හිතමු ඊලගට මේ වගේ ප්‍රකාශනයක් අපේ ක්‍රමලේඛයේ තියනවා කියල.

a=a+2 

මේකත් පැවරුම් කාරක භාවිතා වෙන ප්‍රකාශනයක්. a කියන විචල්‍යයේ දැනට තිබුන අගයට (අපේ උදාහරණයේ නම් 4 ) 2 ක් එකතු කරන එකයි මෙතනදී කරලා තියෙන්නේ.අපේ උදාහරණයේ නම් a වල නව අගය 6 ක් වෙනවා (4+2=6 නිසා ).මෙතනදී ඉතාම වැදගත් දෙයක් තමා a=a+2 කියන ප්‍රකාශනය සාමාන්‍ය ගණිතමය ප්‍රකාශනයක් නෙමෙයි.ඒ කියන්නේ සාමාන්‍ය ගණිතයේදී වගේ = ලකුණ දෙපැත්තේ තියන අගයන් දෙක සමාන නැහැ.එකම විචල්‍යය භාවිතා වුනත්.පයිතන් ප්‍රකාශනයේදී මේ විචල්‍ය භාවිතා  වෙන්නේ a වල නව අගය සහ පැරණි අගය සදහායි.




ඒ වගේම තවත් වැදගත් දෙයක් තමා a=a+2 කියන ප්‍රකාශනය කෙටියෙන් a+=2 කියල ලියන්න පුළුවන්.බොහෝ අවස්ථා වලදී භාවිතා වෙන්නේ ඒ විදියටයි.
දැන් අපි පයිතන් භාවිතා කරලා මේ ප්‍රතිඵල  තවත් තහවුරු කර ගනිමු.

අපි දැනට ඉගෙන ගත්ත පැවරුම් කාරක දෙක වගේම භාවිතා වෙන තවත් පැවරුම් කාරක  පහත වගුවේ දක්වල තියනවා.
මේ උදාහරණ වලට මම x සහ y කියල විචල්‍ය දෙකක් භාවිතා කරනවා.මුලින්ම x=6 ,y=4 කියල ගනිමු. 

කාරකය
ප්‍රකාශනය
කෙටියෙන් දැක්වීම
අගයන් ආදේශය
ප්‍රතිඵලය
=
x=6
x=6
6
6
+=
x=x+2
x+=2
x=6+2
8
-=
x=x-2
x-=2
x=8-2
6
*=
x=x*2
x*=2
x=6*2
12
/=
x=x/2
x/=2
x=12/2
6
%=
x=x%2
x%=2
x=6%2
0
=
y=4
y=4
4
4
**=
y=y**2
y**=2
y=4**2
16
//=
y=y//2
y//=2
y=y//2
8


දැන් අපි මේ පැවරුම් කාරකත්  සරල පයිතන් වැඩසටහක් යොදාගෙන පැහැදිලි කර ගනිමු.

පයිතන් වැඩසටහන 

 

ප්‍රතිඵලය 

පයිතන් පරිගණක භාෂාවේ අඩංගු bitwise operators ගැන මීලග post එකෙන් හමු වෙමු. ඔයාලගේ අදහස් හා යෝජනා comment කරන්නත් අමතක කරන්න එපා.



6 comments: