Thursday, February 9, 2017

පළමු පයිතන් වැඩසටහන (First Program in Python)

පයිතන් පරිගණක භාෂාව  බාගත කරගෙන  පරිගණකයේ ස්ථාපනය කලාට පස්සේ අපිට පයිතන් වලින් පරිගණක වැඩසටහන්(ක්‍රමලේඛ ) ලියන්න පටන් ගන්න පුළුවන්.අද ඉදල පල වෙන ලිපි වලින් මම බලාපොරොත්තු වෙන්නේ සරලම වැඩසටහනක ඉදන් සංකීර්ණ මට්ටම දක්වා ඒ ගැන පියවරෙන් පියවර කියල දෙන්න.


පළමු පයිතන් වැඩසටහන(First Program in Python)

පයිතන් ක්‍රමලේඛ ලියන්න මම භාවිතා කරන්නේ IDLE කියන වැඩසටහන.මේ වැඩසටහන පයිතන් ස්ථාපනය(install) කරනකොටම ඔබේ පරිගණකයේ ස්ථාපනය වෙනවා.ඔබ windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරනවානම් start menu එක නැත්නම් search box එක භාවිතා කරලා IDLE එක ලබාගන්න පුළුවන්.



මෙතනදී මට search results දෙකක් විත් තියන්නේ මගේ පරිගණකයේ පයිතන් සංස්කරණ (python versions)දෙකක් තියන නිසයි.ඔබේ පරිගණකයේ තියන්නේ එක සංස්කරණයක් නම් එක result එකක් විතරක් ලැබෙන්න පුළුවන්.ඒ icon එක උඩ click කලාම මේ වගේ window එකක් ලැබෙයි. 

 

මේ window එකට කියන්නේ පයිතන් shell එක කියලයි.


පයිතන් ක්‍රමලේඛ ලිවීමේ ආකාර(modes of python programming)

පයිතන් ක්‍රමලේඛ ලිවීම ප්‍රධාන ආකාර දෙකකට කරන්න පුළුවන්.

1.Interactive mode programming
2.Script mode programming 

Interactive mode programming
පයිතන් shell එක භාවිතා කරලා පයිතන් ක්‍රමලේඛය ලිවීම තමා මෙතනදී වෙන්නේ.පයිතන් shell එකේ commands ලියල execute කරන එක මේ ක්‍රමයේදී සිදුවෙනවා.

Script mode programming 
මේ ක්‍රමයේදී පයිතන් ක්‍රමලේඛය වෙනම file එකක(script) ලියල script එක  executeකරන එකයි සිදුකෙරෙන්නේ.script එක ඉවර වුනාම පයිතන් වැඩසටහනත් අවසන් වෙනවා.

මම පළමු පයිතන් වැඩසටහන මේ ක්‍රම දෙකටම ඉදිරිපත්  කරනවා.පයිතන් shell එකේ යම් දෙයක් display කරන එක තමා මේ වැඩසටහනෙන් වෙන්නේ.ඒ සදහා පයිතන් වල තියන print function (functions ගැන ඉදිරි post එකකීන් කතා කරමු) එක යොදාගන්න පුළුවන්.


Interactive mode
පයිතන් shell එකේ print("Hello World")කියල type කරලා enter key එක press කරන්න.එතකොට  Hello World කියල shell එකේ print වෙනවා.Hello World වෙනුවට කැමැති වචනයක් යොදාගන්න පුළුවන්.

 

Script mode
script mode එක භාවිතා කරනකොට අපිට වෙනම file එකක වැඩසටන ලියන්න වෙනවා.මුලින්ම එකක් අරගන්න ඕනේ.පයිතන් shell එකේ file tab එක click කරලා ලැබෙන menu එකෙන් New File select කරන්න.(FIle -> New File)

ඊට පස්සේ ලැබෙන window එකේ print කරන්න අවශ්‍ය දේවල් මේ විදියට type කරන්න.
print("hello world")
print("ආයුබෝවන්")


 
දැන් මේ file එක කැමති නමක් දීලා save කරගන්නා ඕනේ.(File->save)මෙතනදී Save as type කියන එක රූපයේ විදියට Python files කියල තියන එක අනිවාර්යයි.මේක බොහෝ විට default ඒ විදියට select වෙලා තියනවා.අපි මේ save කරගත්ත file එකට තමා script එක කියල කියන්නේ.


 

දැන් මේ file එක run කරන්න පුළුවන්.උඩ තියන menu එකෙන් Run -> Run Module select කරන්න.


එතකොට මේ වගේ python shell එකේ output එක බලාගන්න පුළුවන්.




මේ විදියටම ඔයාල කැමති ඕනෑම දෙයක් print කරන්න පුළුවන්.තවත් පයිතන් ලිපියකින් හමුවෙමු.



 

5 comments: