Saturday, April 8, 2017

පයිතන් වල විචල්‍ය (Variables) භාවිතය

විචල්‍ය (Variables) 

විචල්‍ය (variables) කියන්නේ ඕනෑම පරිගණක භාෂාවක ඉතාම වැදගත් දෙයක්.අපි මුලින්ම බලමු මොනවාද මේ විචල්‍ය කියන්නේ කියල.අපි මේකට පොඩි උදහරණයක් ගමු.අපි පාසලක සිසුන් ලියාපදිංචි (register) කරන්න  පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරනවා කියල හිතමු.එතකොට එක එක ශිෂ්‍යයාගේ නම ,වයස වගේ දේවල් පරිගණකයේ ගබඩා කරලා තියාගන්න අපිට ඕනේ වෙනවා.ඒ කියන්නේ පරිගණක මතකයේ යම් ඉඩ ප්‍රමාණයක් මේ කාර්යය සදහා වෙන් කරගන්න ඕනේ වෙනවා.මේ වැඩේට තමා විචල්‍ය භාවිතා වෙන්නේ.උදාහරණයක් විදියට ඔබේ නම, වයස කියන දෙක විචල්‍ය දෙකක් භාවිතා කරලා පරිගණක මතකයේ ගබඩා කරන හැටි බලමු.පයිතන් shell එකේ මේ විදියට rusiru වෙනුවට ඔබේ නමත් 25 වෙනුවට ඔබේ වයසත් දාල පහත විදියට type කරන්න.


මෙතනදී  දේවල් දෙකක් සිද්ධ වෙනවා .එකක් තම  ඔබේ නමත් වයසත් ගබඩා කරන්න පුළුවන් ස්ථාන දෙකක් පරිගණක මතකයේ වෙන් වෙන එක.ඒ වගේම  ඔබ දෙන අගයන් ("rusiru",25) ඒ ස්ථාන දෙකේ තැන්පත් වීමත් සිදු වෙනවා.
 

මේ විදියට තැන්පත් කරගත්ත අගයන් අපේ පරිගණක වැඩසටහනේ ඕනෑම තැනක නැවත යොදාගන්න පුළුවන්.උදාහරණයක් විදියට මේ අගයන් දෙක අපිට print කරන්න ඕනේ නම් මේ විදියට කරන්න පුළුවන්.
 
මෙතැනදී ඔයාලට ප්‍රශ්නයක් එනව ඇති ඇයි මේ name කියන එකට විතරක් උඩු කොමා ("") යොදාගත්තේ කියල. එකට හේතුව විචල්‍ය වල වර්ග කීපයක් තියනවා.පයිතන් වල තියන විචල්‍ය වර්ග අපි වෙනම post එකකින් කතා කරමු. 

සරලව පැහැදිලි කලොත් name කියන විචල්‍යයේ අපි තැන්පත් කරන්න යන්නේ සලකුණු (characters) එකතුවක්.ඒ කියන්නේ string වර්ගයේ විචල්‍යයක් .age කියන විචල්‍යයේ තැන්පත් කරන්නේ  සංඛ්‍යාවක් .ඒ කියන්නේ numbers වර්ගයේ විචල්‍යයක් .අනික් පරිගණක භාෂා එක්ක බලනකොට පයිතන් වල තියන පහසුවක් තමා අපි තැන්පත් කරන්න යන විචල්‍ය වර්ගය කලින් කියන්න ඕනේ නැති එක. නමුත් විචල්‍යට අගය යොදන කොට යොදන අගය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ.ඒ කියන්නේ characters යොදාගන්න කොට උඩු කොමා ඇතුලේ ලියන්න ඕනේ. සංඛ්‍යා යොදාගන්න කොට උඩු කොමා යොදන්න ඕනේ නැහැ. 

තවත් වැදගත් දෙයක් තමා විචල්‍ය වර්ගය අනුවත්  පරිගණක මතකයේ වෙන් කරන්න ඕනේ ඉඩ ප්‍රමාණය වෙනස් වෙනවා .එත් පයිතන් interpreter එක ඒ කාර්යය අපි වෙනුවෙන් කරලා දෙනවා. දැන් මේ විදියට විචල්‍ය කීපයක් යොදාගෙන සරල ක්‍රමලේඛයක් ලියන්න ඔයාලත් උත්සාහ කරලා බලන්න. පයිතන් වල තියන විචල්‍ය වර්ග ගැන මීලග post එකෙන් කියවමු.

4 comments: