Saturday, September 3, 2016

පයිතන් බාගත කිරීම සහ පරිගණකයේ ස්ථාපනය කිරීම (Download and Install Python 3)

මේ post එකේදී මම බලාපොරොත්තු වෙන්නේ පයිතන් පරිගණක භාෂාව  බාගත කිරීම(Download) සහ පරිගණකයේ ස්ථාපනය කරන  ආකාරය(Install) ගැන කියල දෙන්නයි.

පයිතන් බාගත(Download) කිරීම
ඔබට පහසුවෙන්ම පයිතන්  මෘදුකාංග පදනමේ (Python Software Foundation) වෙබ් අඩවියට පිවිසීමෙන් පයිතන් බාගත කරගන්න පුළුවන්.

වෙබ් අඩවියට පිවිසුණාට පස්සේ  තමාගේ පරිගණකයේ මෙහෙයුම්  පද්ධතියට අදාලව තමන් කැමති පයිතන් සංස්කරණයක්  (version එකක්) බාගත කරගන්න පුළුවන්.මෙතනදී උඩින් ම පෙන්නලා තියන්නේ දැනට තියන අලුත්ම ස්ථාවර සංස්කරණ (stable version) දෙකක්.ඒ වගේම ඊට පහලින් මීට පෙර නිකුත් වුන සංස්කරණ දක්වල තියනව.මේ පාඩම් මාලාවේදී මම Python 3.4 සංස්කරණය භාවිත කරනවා.ඔයාලට ඕනෑම Python 3 සංස්කරණයක් භාවිත කරන්න පුළුවන්.

වෙබ් අඩවියට පිවිසුණාම Python 3.x  Python 2.x සංස්කරණ දෙකක් තියන බව ඔබට පේනවා. ඊලගට මම බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න.

පයිතන් 2.x සහ පයිතන් 3.x(Python 3.x and Python 2.x)
පයිතන් වල නවතම සංස්කරණය තමා Python 3 කියන්නේ.ඊට කලින් භාවිතා වුනේ Python 2.දැනටත් Python 2 භාවිත කරන බොහෝ පිරිසක් ඉන්නවා.ඒකට විවිධ හේතු තියනවා.තමන්ට කාලයක් තිස්සේ පුරුදු සංස්කරණය වීම,යම් ආයතනයක් හෝ පිරිසක් මගින් එහෙම නියම කර ඇති  ඇති නිසා හෝ Python 2 සමග පමණක් යෙදිය හැකි තුන්වන පාර්ශ්ව මෘදුකාංගයක් (third party package) භාවිත කිරීම වගේ හේතු මේ සදහා තියෙන්න පුළුවන්.

කොහොම වුනත් අලුත්ම විශේෂාංග එක්ක වඩාත් භාවිතයට පහසු වෙන විදියට හදලා තියන අලුත් සංස්කරණය තමා Python 3 කියන්නේ. ඒ නිසා මේ පාඩම් මාලාවේදී මම Python 3 භාවිත කරනවා.

පයිතන් පරිගණකයේ ස්ථාපනය (install) කිරීම.
පයිතන් පරිගණකයේ ස්ථාපනය කිරීම වෙනත් ඕනෑම පරිගණක මෘදුකාංගයක් ස්ථාපනය කිරීම කරන විදියටම තමා කරන්න තියෙන්නේ.ඔබ භාගත කරගත්ත installer එක run කිරීමෙන් පහසුවෙන් පයිතන් ස්ථාපනය කරගන්න පුළුවන්.එහි පියවර කීපයක් මන් පහතින් දක්වල තියනවා.Next ක්ලික් කරමින් ඉදිරියට යාමත් අවසානයේදී  Finish ක්ලික් කිරීමත් තමා ඔබට කරන්න තියෙන්නේ.

දැන් අපි සාර්ථකව පයිතන් පරිගණකයේ ස්ථාපනය කරගෙන තියෙන්නේ. පයිතන් වලින් පළවෙනි පරිගණක වැඩසටහන ලියන විදිය ඊලග පෝස්ට් එකෙන් කියවමු.

පයිතන් සිංහලෙන් (Python Sinhalen)

පයිතන් සිංහලෙන් ඉගෙන ගනිමු...

පයිතන්(Python)  පරිගණක භාෂාව(Programming Language) කියන්නේ පරිගණක ක්‍රමලේඛණය(Computer Programming) මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට වගේම පරිගණක ක්‍රමලේඛණය පිළිබදව උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන පරිගණක භාෂාවක් .

පරිගණක විද්‍යාව (Computer Science) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)වගේ උපාධි පාඨමාලා වල වගේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (AL ICT) විෂය නිර්දේශ වලත් පයිතන් ඇතුලත් වෙලා තියනවා.

ඉතින් ඒ අයට වගේම පයිතන් ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්ට මේ blog එක ප්‍රයෝජනවත් වෙයි.

මේ blog එක කරගෙන යද්දී ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා.ඒ නිසා comment විදියට වගේම පහත email ලිපිනයට හෝ දුරකථන අංකය මගින් ඔබේ අදහස් දක්වන්න පුළුවන්.ප්‍රශ්න අහන්නත් පුළුවන්.ඒ වගේම යාලුවෝ එක්කත් blog එක share කරන්න අමතක කරන්න එපා.

Email : seerusiru@gmail.com
Tel : 0718951045

Next Page

Sunday, August 28, 2016

පයිතන් සහ පරිගණක ක්‍රමලේඛණය

පයිතන්(Python)  පරිගණක භාෂාව(Programming Language) කියන්නේ පරිගණක ක්‍රමලේඛණය(Computer Programming) මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට වගේම පරිගණක ක්‍රමලේඛණය පිළිබදව උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන පරිගණක භාෂාවක් .
පරිගණක විද්‍යාව (Computer Science) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)වගේ උපාධි පාඨමාලා වල වගේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (AL ICT) විෂය නිර්දේශ වලත් පයිතන් ඇතුලත් වෙලා තියනවා . ඒ නිසා මේ blog එක ඒ හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

මම මේ blog එකෙන් බලාපොරොත්තු වෙන්නේ පයිතන් භාෂාව ගැන  මුල සිට සරලව පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න.
  
පයිතන් භාෂාව ගැන පාඩම් මාලාව ආරම්භ කරන්න කලින් අපි අපිට වැදගත් මාතෘකා  කීපයක් හදුනාගෙන ඉමු.

පරිගණක ක්‍රමලේඛණය(Computer Programming)
අපි පරිගණකයකින් යම් වැඩක් කරගන්න නම් ඒ සදහා අවශ්‍ය උපදෙස් පරිගණකයට පියවරෙන් පියවර ලබා දිය යුතු වෙනවා.සුදුසු පරිගණක භාෂාවක් භාවිතා කරලා මේ උපදෙස් පරිගණකයට ලබා දීමේ ක්‍රියාවලිය තමයි ක්‍රමලේඛණය කියන්නේ.

පරිගණක ක්‍රමලේඛක(Programmer)
පරිගණක ක්‍රමලේඛණය සිදු කරන පුද්ගලයා   පරිගණක ක්‍රමලේඛකයා කියන නමින් හදුන්වනවා.මෙය ලංකාවේ වගේම ලෝකේ අනෙක් රටවලත් ඉතා ඉහල වැටුප් ලබන්න පුළුවන් රැකියවක්.

පරිගණක භාෂා(Programming Languages)
අපි සාමාන්‍ය භාෂාවක් ගැන බැලුවොත් භාෂාවක් භාවිතවෙන්නේ එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්න.
පරිගණක භාෂාවක් භාවිත වෙන්නේ පරිගණක ක්‍රමලේඛකයා(Programmer) සහ පරිගණකය අතර අදහස් හුවමාරු කරගන්න.

තවත් පැහැදිලි කලොත් පරිගණකයෙන් යම් කාර්යයක් සිදු කරගන්න අවශ්‍ය උපදෙස් පරිගණකයට ලබා දෙන්න පරිගණක භාෂාවක් භාවිතා කරනවා.

පයිතන් කියන්නෙත් පරිගණක  භාෂාවක්.තවත් උදාහරණ කීපයක් මන් පහලින් දක්වල තියනවා.

උදා: C,C++,C#,Java,Python

පරිගණක භාෂා වර්ගීකරණය කිරීම

පරිගණක භාෂා වර්ග කරන්න පුළුවන් ක්‍රම වගේම වර්ගත් ගොඩක් තියනවා.නමුත් මෙතෙන්දි මම සලකල බලන්නේ පහත වර්ග දෙක විතරයි .
1.යන්ත්‍ර භාෂා (Machine languages)
2.ඉහළ මට්ටමේ භාෂා (High Level languages)

යන්ත්‍ර භාෂා (Machine languages)
පරිගණකයට සෘජුවම තේරුම් ගන්න පුළුවන්   0,1 යන ද්විමය කේත(Binary Codes) වලින් නිර්මාණය වෙලා තියනවා .මෙම භාෂා යන්ත්‍රයෙන් යන්ත්‍රයට වෙනස් වෙනවා.ඒ වගේම  මෙම භාෂා භාවිතයෙන් ක්‍රමලේඛණය තරමක් සංකීර්ණ වැඩක්.

ඉහළ මට්ටමේ භාෂා (High Level languages)
අප එදිනෙදා භාවිත කරන භාෂා වලට සමීප වන ලෙස සකස් වෙලා තියන නිසා  මෙම භාෂා මගින් ක්‍රමලේඛණය පහසු වැඩක් .එත්  මෙම භාෂා පරිගණකයට කෙළින්ම තේරුම් ගැනීම අපහසුයි වගේම  භාෂා පරිවර්තක මෘදුකාංගයක්(Language Translator) භාවිත කරලා  යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කල යුතු වෙනවා.C,Java වගේ  භාෂා වගේම  අප ඉගෙන ගන්නා Python භාෂාවද අයිති වෙන්නේ මේ වර්ගයට.

භාෂා පරිවර්තක මෘදුකාංග(Language Translator Software)  
ඉහළ මට්ටමේ භාෂා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීමට භාවිත වන පරිගණක වැඩසටහනක්.මෙම මෘදුකාංග වර්ග දෙකක් තියනවා.
1.සම්පාදක (Compilers)
2.අර්ථ වින්‍යාසක(Interpreters)

සම්පාදක (Compilers)
සම්පාදක වලදී මුලින්ම කරන්නේ මුළු පරිගණක ක්‍රමලේඛයම වස්තු කේතයක්  (Object Code) බවට පත් කරන එක.ඊට පස්සේ මේ වස්තු කේතය යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා.

උදා:-C,Java


අර්ථ වින්‍යාසක(Interpreters)
අර්ථ වින්‍යාසක වලදී සිදු කෙරෙන්නේ ඉහල මට්ටමේ පරිගණක භාෂා විධාන (Commands) එකින් එක වැඩසටහන ක්‍රියාත්මක වෙන අවස්ථාවේදීම යන්ත්‍ර භාෂාවට හරවන එක .

උදා:-Python

 

පරිගණක ක්‍රමලේඛණය ගැන මම කරපු සරල හැදින්වීම මේ ලිපියෙන් අවසන් වෙනවා.ඊලග ලිපියේ ඉදන් පයිතන් භාෂාව ගැන මුල සිට ඉගෙන ගනිමු .