Saturday, September 3, 2016

පයිතන් බාගත කිරීම සහ පරිගණකයේ ස්ථාපනය කිරීම (Download and Install Python 3)

මේ post එකේදී මම බලාපොරොත්තු වෙන්නේ පයිතන් පරිගණක භාෂාව  බාගත කිරීම(Download) සහ පරිගණකයේ ස්ථාපනය කරන  ආකාරය(Install) ගැන කියල දෙන්නයි.

පයිතන් බාගත(Download) කිරීම
ඔබට පහසුවෙන්ම පයිතන්  මෘදුකාංග පදනමේ (Python Software Foundation) වෙබ් අඩවියට පිවිසීමෙන් පයිතන් බාගත කරගන්න පුළුවන්.

වෙබ් අඩවියට පිවිසුණාට පස්සේ  තමාගේ පරිගණකයේ මෙහෙයුම්  පද්ධතියට අදාලව තමන් කැමති පයිතන් සංස්කරණයක්  (version එකක්) බාගත කරගන්න පුළුවන්.මෙතනදී උඩින් ම පෙන්නලා තියන්නේ දැනට තියන අලුත්ම ස්ථාවර සංස්කරණ (stable version) දෙකක්.ඒ වගේම ඊට පහලින් මීට පෙර නිකුත් වුන සංස්කරණ දක්වල තියනව.මේ පාඩම් මාලාවේදී මම Python 3.4 සංස්කරණය භාවිත කරනවා.ඔයාලට ඕනෑම Python 3 සංස්කරණයක් භාවිත කරන්න පුළුවන්.

වෙබ් අඩවියට පිවිසුණාම Python 3.x  Python 2.x සංස්කරණ දෙකක් තියන බව ඔබට පේනවා. ඊලගට මම බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න.

පයිතන් 2.x සහ පයිතන් 3.x(Python 3.x and Python 2.x)
පයිතන් වල නවතම සංස්කරණය තමා Python 3 කියන්නේ.ඊට කලින් භාවිතා වුනේ Python 2.දැනටත් Python 2 භාවිත කරන බොහෝ පිරිසක් ඉන්නවා.ඒකට විවිධ හේතු තියනවා.තමන්ට කාලයක් තිස්සේ පුරුදු සංස්කරණය වීම,යම් ආයතනයක් හෝ පිරිසක් මගින් එහෙම නියම කර ඇති  ඇති නිසා හෝ Python 2 සමග පමණක් යෙදිය හැකි තුන්වන පාර්ශ්ව මෘදුකාංගයක් (third party package) භාවිත කිරීම වගේ හේතු මේ සදහා තියෙන්න පුළුවන්.

කොහොම වුනත් අලුත්ම විශේෂාංග එක්ක වඩාත් භාවිතයට පහසු වෙන විදියට හදලා තියන අලුත් සංස්කරණය තමා Python 3 කියන්නේ. ඒ නිසා මේ පාඩම් මාලාවේදී මම Python 3 භාවිත කරනවා.

පයිතන් පරිගණකයේ ස්ථාපනය (install) කිරීම.
පයිතන් පරිගණකයේ ස්ථාපනය කිරීම වෙනත් ඕනෑම පරිගණක මෘදුකාංගයක් ස්ථාපනය කිරීම කරන විදියටම තමා කරන්න තියෙන්නේ.ඔබ භාගත කරගත්ත installer එක run කිරීමෙන් පහසුවෙන් පයිතන් ස්ථාපනය කරගන්න පුළුවන්.එහි පියවර කීපයක් මන් පහතින් දක්වල තියනවා.Next ක්ලික් කරමින් ඉදිරියට යාමත් අවසානයේදී  Finish ක්ලික් කිරීමත් තමා ඔබට කරන්න තියෙන්නේ.

දැන් අපි සාර්ථකව පයිතන් පරිගණකයේ ස්ථාපනය කරගෙන තියෙන්නේ. පයිතන් වලින් පළවෙනි පරිගණක වැඩසටහන ලියන විදිය ඊලග පෝස්ට් එකෙන් කියවමු.

පයිතන් සිංහලෙන් (Python Sinhalen)

පයිතන් සිංහලෙන් ඉගෙන ගනිමු...

පයිතන්(Python)  පරිගණක භාෂාව(Programming Language) කියන්නේ පරිගණක ක්‍රමලේඛණය(Computer Programming) මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට වගේම පරිගණක ක්‍රමලේඛණය පිළිබදව උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන පරිගණක භාෂාවක් .

පරිගණක විද්‍යාව (Computer Science) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)වගේ උපාධි පාඨමාලා වල වගේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (AL ICT) විෂය නිර්දේශ වලත් පයිතන් ඇතුලත් වෙලා තියනවා.

ඉතින් ඒ අයට වගේම පයිතන් ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්ට මේ blog එක ප්‍රයෝජනවත් වෙයි.

මේ blog එක කරගෙන යද්දී ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා.ඒ නිසා comment විදියට වගේම පහත email ලිපිනයට හෝ දුරකථන අංකය මගින් ඔබේ අදහස් දක්වන්න පුළුවන්.ප්‍රශ්න අහන්නත් පුළුවන්.ඒ වගේම යාලුවෝ එක්කත් blog එක share කරන්න අමතක කරන්න එපා.

Email : seerusiru@gmail.com
Tel : 0718951045

Next Page