Saturday, April 22, 2017

විචල්‍ය වර්ග (Variable Types)


පහුගිය blog post එකෙන් අපි පයිතන් වල විචල්‍ය ගැන හදුන්වාදීමක් කලා.මේ post එකෙන් මන් බලාපොරොත්තු  වෙන්නේ පයිතන් වල භාවිත වෙන විචල්‍ය වර්ග (Variable Types) ගැන කියල දෙන්න.අපිට පයිතන් වල විචල්‍ය වර්ග කීපයක් තියනවා . ඒවා තමයි Numbers, Strings, Lists, Tuples සහ Dictionary කියල කියන්නේ .අපි දැන් මේ එක එක වර්ගය වෙන වෙනම බලමු.

 

Numbers

අපි විචල්‍ය වලින් දක්වන සංඛ්‍යාත්මක අගයන් Numbers වර්ගයට අයිති වෙනවා.සරලව කිව්වොත් අපේ පරිගණක ක්‍රමලේඛ වල සංඛ්‍යා භාවිතා කරන්න  අවශ්‍ය වුනාම මේ වර්ගය තමා යොදා ගන්න ඕනේ. පූර්ණ සංඛ්‍යා(int),දශම සංඛ්‍යා(float),වගේම සංකීර්ණ සංඛ්‍යාත්(complex) අයිති වෙන්නේ මේ වර්ගයට.උදා:- 

Int – 23 , Float -24.45 , Complex – 3.78j 

මේ අතරින් වැඩිපුරම භාවිත වෙන්නේ int,float කියන වර්ග දෙක.මෙතනදී අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමා පයිතන් වල විචල්‍ය භාවිතා කරන කොට විචල්‍ය වර්ගය දක්වන්න ඕනේ නැහැ.ඒ කියන්නේ පයිතන් වල ඔය සංඛ්‍යා තුන විචල්‍ය වලින් දක්වන එක මේ විදියට සරලව කරන්න පුළුවන්.




ඔයාලට පේනවා ඇති විචල්‍ය වර්ගය Numbers කියලවත් ඒ වගේම කියලවත් කොහෙවත් දක්වල නැහැ.නමුත් අපි ඔය විදියට දුන්නාම පයිතන් interpreter එක මොන වර්ගයේ සංඛ්‍යාවක්ද කියන එක අදුරගන්නවා.ඒ නිසා අපේ කාර්යය ඇත්තටම පහසු වෙනවා.

 

Strings

උඩු කොමා(Quotation marks) ඇතුලේ ලියපු අනුලක්‍ෂණ(Characters) සමූහයක්  String එකක් විදියට අර්ථ දක්වන්න පුළුවන් .සරලව කිව්වොත් අපේ නම, ගම වගේ වචනයක් එහෙම නැත්නම් වාක්‍යයක් පරිගණක වැඩසටහනක යොදා ගන්න ඕනේ වුනාම String වර්ගය තමා භාවිතා වෙන්නේ.මෙතනදී ඉතාම වැදගත් දෙයක් තමා අපි දක්වන String එක අනිවාර්යයෙන්ම උඩු කොමා (Quotation marks) ඇතුලේ දක්වන්න ඕනේ.තනි උඩු කොමා(‘’) වගේම යුගල උඩු කොමාත්(“”) මේකට යොදාගන්න පුළුවන්.

 

Lists

පයිතන් පරිගණක භාෂාවේ තියන විශේෂ විචල්‍ය වර්ගයක තමා lists කියන්නේ.එකම වර්ගයේ හෝ වෙනත් වර්ගයේ දත්ත විශාල ප්‍රමාණයක් පහසුවෙන් පරිගණක මතකයේ ගබඩා කරන්න සහ නැවත ලබාගන්න lists භාවිතයෙන් පුළුවන්.list එකක දත්ත ගබඩා කරනකොට පරිගණක මතකයේ යාබද අවකාශ ඒ සදහා භාවිතා වෙනවා. list එකක් කොටු වරහන් ([]) ඇතුලත දක්වන්න ඕනේ. ඒ වගේම එක එක අයිතමය වෙන් කරන්න භාවිත කරන්න ඕනේ කොමාවක් (,).උදාහරණයක් විදියට විවිධ පාට වර්ග එකම විචල්‍යයක් භාවිතා කරලා පරිගණක මතකයේ ගබඩා කරන එක මේ විදියට කරන්න පුළුවන්.


colours=["red","yellow","green","blue"]
මේ දත්ත පරිගණක මතකයේ ගබඩා වෙන හැටි පහත රූපයෙන් පෙන්වල තියනවා


  










 

දැන් අපි lists ගැන තවදුරටත් පැහැදිලි කරගන්න පහත උදාහරණය භාවිතා කරමු

 

ඉහත දක්වල තියන උදාහරණය ටිකක් පැහැදිලි කලොත් colours කියන list එකේ red,yello,green,blue යන පාට වර්ග අඩංගු වෙනවා. colours  කියන විචල්‍යයයෙන් මේ සියලුම පාට වර්ග එක පාර ලබාගන්න පුළුවන්.මේ එක එක පාට list එකේ අවයවයක්(element) විදියට හදුන්වනවා .සෑම අවයවයකටම අදාළ දර්ශකයක් තියනවා .රූප සටහනේ අදාළ අවයවයට යටින් මේ දර්ශක 0 සිට 3 දක්වා දක්වල තියනවා .මේ එක අවයවයක් වෙනම ලබාගන්න ඕනේ නම් list එකේ නමට ඉස්සරහින් ඊට අදාළ දර්ශකය(index) කොටු වරහනක් තුල දක්වන්න ඕනේ.මේ දර්ශක ආරම්භ වෙන්නේ 0 න කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ කියන්නේ 0 න් පටන් අරන් 3 දක්වා දර්ශක භාවිතා කරලා මේ එක් එක් අවයවය වෙන වෙනම ලබාගන්න පුළුවන්.ඒ කියන්නේ (colours[0]) විදියට.එක් එක් අවයවය වෙන වෙනම ලබාගන්න විදියත් ඉහත උදාහරණයේ දක්වල තියනවා.තව  වැදගත් දෙයක් තමා මේ list එකේ තියන්නේ අවයව තුනක් නිසා දර්ශක තියන්නේ 0 ඉදන් 3 වෙනකන් කියල ඔයාලට පැහැදිලි ඇති.මන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්.දැන් අපි මේ list එකේ නැති අවයවයක් ඒ කියන්නේ තුනට වැඩි දර්ශකයක් භාවිතා කරලා ප්‍රකාශනයක් (උදා:colours[4]) ලිව්වොත් මොන වගේ දෙයක් වෙයිද ?එතකොට මේ වගේ error එකක් එනවා.list එකේ අඩංගු නොවෙන අවයවයක් අපි භාවිත කරන්න යන නිසා තමයි මේ error එක එන්නේ .



ඒ නිසා අපි list භාවිතා කරලා පරිගණක වැඩසටහන් ලියන කොට ලිස්ට් එකේ ප්‍රමාණය අනුව තියන දර්ශක පරාසය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.දැන් අපි බලමු list එක හැදුවට පස්සේ එකේ තියන අවයව වෙනස් කරන්න ඕනේ නම් කොහොමද කරන්නේ කියල.මේක කරන්න ඕනේ දර්ශක භාවිත කරලා.අපි කලින් list එකේම දෙවෙනි අවයවය (1 දර්ශකය තියන ස්ථානයේ ඇති ) වෙනස් කරන්නේ කොහොමද කියල පහත උදාහරණයෙන් පෙන්වල තියනවා.මේ විදියට ඕනෑම අවයවයක් වෙනස් කරන්න පුළුවන්.



ඇත්තටම lists කියන්නේ පයිතන් වල භාවිතා වෙන විශේෂ දත්ත වර්ගයක්.lists භාවිතයෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියනවා.ඒ ගැන තවත් විශේෂ post එකක් ඉදිරියේදී දාන්න මම බලාපොරොත්තු වෙනවා.

 

Tuples

tuple එකක් කියන්නෙත් list එකකට ගොඩක් දුරට සමාන විචල්‍ය වර්ගයක්.tuple එකක් සහ list එකක් අතර තියන ප්‍රධාන වෙනස තමා අපිට list එකක් update කරන්න පුළුවන්.ඒ කියන්නේ අපි list එක හැදුවට පස්සේ ඒ list එකේ අවයව(elements) වෙනස් කළා ඔයාලට මතක ඇති.නමුත් tuple එකක් හැදුවට පස්සේ ඒ විදියට වෙනස් කරන්න බැහැ .ඒ වගේම tuple එකක් දක්වන්න ඕනේ සාමාන්‍ය වරහන් () ඇතුලේ.list එකකදී නම් මේකට කොටු වරහන් යොදා ගත්ත බව ඔයාලට දැන් මතක් වෙනවා ඇති.අනිකුත් දේවල් වලින් tuple එකක් බොහෝ දුරට list එකකට සමාන වෙන බව පහත උදාහරණය බැලුවම ඔයාලට පැහැදිලි වෙයි.මේ උදාහරණයේදී කලින් භාවිතා කල පාට වර්ගම මම tuple එකකින් දක්වල තියනවා.


Dictionary

Dictionary විචල්‍ය වර්ගය තේරුම් ගන්න අපිට පුළුවන් සාමාන්‍ය dictionary එකක් මොන වගේද කියල ටිකක් හිතල බැලුවාම. සාමාන්‍යයෙන් dictionary එකක වචන සහ ඒවායේ තේරුම් අඩංගු වෙනවා.python වල dictionary එකත් මේකට බොහෝ දුරට සමානයි.අපි මේ වචන වලට key කියන නමත් ඒවායේ තේරුම් වලට value කියන නම python dictionary වල භාවිතා වෙනවා .හැබැයි මෙතැනදී තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් තමා python dictionary භාවිත කරන්න පුළුවන් වචනවල තේරුම් ගබඩා කරන්න විතරක් නෙමෙයි.ඕනෑම දෙයක් මේකේ ගබඩා කරන්න පුළුවන් යතුරු සහ අගයන් (key-value pairs)විදියට.



අපි මේක දැන් උදාහරණයකින් වැඩිදුරටත් තේරුම් ගනිමු.මෙතැනදී මම පුද්ගලයෙකුගේ නම,වයස සහ රට dictionary එකකින් දක්වනවා.



මේ අගයයන් පරිගණක මතකයේ key-value pairs විදියට ගබඩා වෙනවා. උදාහරණයක් විදියට name කියන key එකට අදාළ අගය තමා nimal කියල කියන්නේ.මේ key-value pairs පහත වගුවේ දක්වලා තියනවා.


key
value
name
nimal
age
25
country
Sri Lanka

අපිට එක key එකකට අදාළ value එක ලබාගන්න ඕනේ නම් පහත උදාහරණයේ විදියට කරන්න පුළුවන්.ඒ වගේම dictionary එකේ නමට පස්සේ .keys() කියල යෙදීමෙන් මේ dictionary එකේ සේරම keys ටිකත් dictionary එකේ නමට පස්සේ .values() කියල යෙදීමෙන් මේ dictionary එකේ සේරම values ටිකත් ලබාගන්න පුළුවන්.(උදා:- person.keys(),person.values() )




පයිතන් වල බහුලව භාවිතා වෙන විචල්‍ය වර්ග තමා මේ post එකෙන් අපි කතා කළේ. පයිතන් සම්බන්ධ තවත් post එකකින් හමු වෙමු.