පරිගණක විද්‍යාව (Computer Science) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)වගේ උපාධි පාඨමාලා වල වගේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (AL ICT) විෂය නිර්දේශ වලත් පයිතන් ඇතුලත් වෙලා තියනවා . ඒ නිසා මේ blog එක ඒ හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.
මම මේ blog එකෙන් බලාපොරොත්තු වෙන්නේ පයිතන් භාෂාව ගැන මුල සිට සරලව පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න.
පයිතන් භාෂාව ගැන පාඩම් මාලාව ආරම්භ කරන්න කලින් අපි අපිට වැදගත් මාතෘකා කීපයක් හදුනාගෙන ඉමු.
පරිගණක ක්‍රමලේඛණය(Computer Programming)
අපි පරිගණකයකින් යම් වැඩක් කරගන්න නම් ඒ සදහා අවශ්‍ය උපදෙස් පරිගණකයට පියවරෙන් පියවර ලබා දිය යුතු වෙනවා.සුදුසු පරිගණක භාෂාවක් භාවිතා කරලා මේ උපදෙස් පරිගණකයට ලබා දීමේ ක්‍රියාවලිය තමයි ක්‍රමලේඛණය කියන්නේ.
පරිගණක ක්‍රමලේඛක(Programmer)
පරිගණක ක්‍රමලේඛණය සිදු කරන පුද්ගලයා පරිගණක ක්‍රමලේඛකයා කියන නමින් හදුන්වනවා.මෙය ලංකාවේ වගේම ලෝකේ අනෙක් රටවලත් ඉතා ඉහල වැටුප් ලබන්න පුළුවන් රැකියවක්.
පරිගණක භාෂා(Programming Languages)
අපි සාමාන්‍ය භාෂාවක් ගැන බැලුවොත් භාෂාවක් භාවිතවෙන්නේ එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්න.
පරිගණක භාෂාවක් භාවිත වෙන්නේ පරිගණක ක්‍රමලේඛකයා(Programmer) සහ පරිගණකය අතර අදහස් හුවමාරු කරගන්න.
තවත් පැහැදිලි කලොත් පරිගණකයෙන් යම් කාර්යයක් සිදු කරගන්න අවශ්‍ය උපදෙස් පරිගණකයට ලබා දෙන්න පරිගණක භාෂාවක් භාවිතා කරනවා.
පයිතන් කියන්නෙත් පරිගණක භාෂාවක්.තවත් උදාහරණ කීපයක් මන් පහලින් දක්වල තියනවා.
උදා: C,C++,C#,Java,Python
පරිගණක භාෂා වර්ගීකරණය කිරීම
පරිගණක භාෂා වර්ග කරන්න පුළුවන් ක්‍රම වගේම වර්ගත් ගොඩක් තියනවා.නමුත් මෙතෙන්දි මම සලකල බලන්නේ පහත වර්ග දෙක විතරයි .
1.යන්ත්‍ර භාෂා (Machine languages)
2.ඉහළ මට්ටමේ භාෂා (High Level languages)
යන්ත්‍ර භාෂා (Machine languages)
පරිගණකයට සෘජුවම තේරුම් ගන්න පුළුවන් 0,1 යන ද්විමය කේත(Binary Codes) වලින් නිර්මාණය වෙලා තියනවා .මෙම භාෂා යන්ත්‍රයෙන් යන්ත්‍රයට වෙනස් වෙනවා.ඒ වගේම මෙම භාෂා භාවිතයෙන් ක්‍රමලේඛණය තරමක් සංකීර්ණ වැඩක්.
ඉහළ මට්ටමේ භාෂා (High Level languages)
අප එදිනෙදා භාවිත කරන භාෂා වලට සමීප වන ලෙස සකස් වෙලා තියන නිසා මෙම භාෂා මගින් ක්‍රමලේඛණය පහසු වැඩක් .එත් මෙම භාෂා පරිගණකයට කෙළින්ම තේරුම් ගැනීම අපහසුයි වගේම භාෂා පරිවර්තක මෘදුකාංගයක්(Language Translator) භාවිත කරලා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කල යුතු වෙනවා.C,Java වගේ භාෂා වගේම අප ඉගෙන ගන්නා Python භාෂාවද අයිති වෙන්නේ මේ වර්ගයට.
භාෂා පරිවර්තක මෘදුකාංග(Language Translator Software)
ඉහළ මට්ටමේ භාෂා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීමට භාවිත වන පරිගණක වැඩසටහනක්.මෙම මෘදුකාංග වර්ග දෙකක් තියනවා.
1.සම්පාදක (Compilers)
2.අර්ථ වින්‍යාසක(Interpreters)
සම්පාදක (Compilers)
සම්පාදක වලදී මුලින්ම කරන්නේ මුළු පරිගණක ක්‍රමලේඛයම වස්තු කේතයක් (Object Code) බවට පත් කරන එක.ඊට පස්සේ මේ වස්තු කේතය යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා.
උදා:-C,Java
අර්ථ වින්‍යාසක(Interpreters)
අර්ථ වින්‍යාසක වලදී සිදු කෙරෙන්නේ ඉහල මට්ටමේ පරිගණක භාෂා විධාන (Commands) එකින් එක වැඩසටහන ක්‍රියාත්මක වෙන අවස්ථාවේදීම යන්ත්‍ර භාෂාවට හරවන එක .
උදා:-Python
පරිගණක ක්‍රමලේඛණය ගැන මම කරපු සරල හැදින්වීම මේ ලිපියෙන් අවසන් වෙනවා.ඊලග ලිපියේ ඉදන් පයිතන් භාෂාව ගැන මුල සිට ඉගෙන ගනිමු .