Saturday, July 8, 2017

කාරක (Python Operators) - I කොටස

පයිතන් භාෂාවේ භාවිතා වෙන කාරක (Python Operators) එහෙම නැත්නම් මෙහෙයවන  ගැන පැහැදිලි කරන්නයි මේ post එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ.අපි මුලින්ම කාරකයක් කියන්නේ මොකක්ද කියල පැහැදිලි කර ගමු.

2 + 1 =3 

කියන සරල ගණිතමය ප්‍රකාශනය බලමු.මේ ප්‍රකාශනයේදී 2 සහ 1 කියන සංඛ්‍යා දෙක එකතු කිරීම කියන ගණිත කර්මයට භාජනය කලාම 3 කියන පිළිතුර ලැබෙනවා.මේ එකතු කිරීම කියන ගණිත කර්මය පයිතන් වල කාරකයක් කියල හදුන්වනවා.මේ වගේ තවත් කාරක වර්ග ගොඩක් තියනවා.

1.අංක ගණිතමය කාරක (Arithmetic Operators)
2.සැසදුම් කාරක (Comparison Operators)
3.තාර්කික කාරක (Logical Operators)
4.පැවරුම් කාරක (Assignment Operators)
5.බිටුමය කාරක (Bitwise Operators)

දැන් අපි මේ එක එක කාරක වර්ග වෙන වෙනම සලකා බලමු

අංක ගණිතමය කාරක (Arithmetic Operators)
ගණිතමය කටයුතු සදහා ඒ කියන්නේ සංඛ්‍යා එකතු කිරීම් අඩු කිරීම් වගේ ඒවාට භාවිතා කරන්න පුළුවන් කාරක මේ වර්ගයට අයිති වෙනවා.පයිතන් වල තියන ගණිතමය කාරක පහත වගුවේ දක්වල තියනවා.

කාරකය
භාවිතය
ප්‍රකාශය
ප්‍රතිඵලය
+
එකතු කිරීම (Addition)
3+2
5
-
අඩු කිරීම     (Subtraction)
3-2
1
*
ගුණ කිරීම   (Multiplication)
3*2
6
/
බෙදීම (Division)
3/2
1.5
%
බෙදීමෙන් පසු ඉතිරිය(Modulus)
3%2
1
**
බලය (Exponent)
3**2
9
//
පූර්ණ සංඛ්‍යාමය බෙදීම (Floor Division)
3//2
1


දැන් අපි මේ කාරක සරල පයිතන් වැඩසටහක් යොදාගෙන පැහැදිලි කර ගනිමු.

 

 

එකතු කිරීම අඩු කිරීම වගේ මූලික ගණිත කර්ම වලට අමතරව තියන කාරක ගැන පොඩි පැහැදිලි කිරීමක් කලොත් %  (Modulus) කාරකයෙන් අපිට ලැබෙන්නේ බෙදුවට පස්සේ ඉතිරි කීයක් තියනවද කියන එකයි.උදාහරණයක් විදියට 5 , 2 න් බෙදුවම ඉතිරි 1 යි. ඒ නිසා (5%2 =1 ) විදියට ලැබෙනවා.//(Floor Division) කාරකයෙන් ලැබෙන්නේ බෙදුවට පස්සේ  දශම නැතුව පූර්ණ සංඛ්‍යාමය අගය.උදාහරණයක් විදියට 5 , 2 න් බෙදුවාම දශම කලේ නැත්නම් උත්තරේ 2 යි ඉතුරු 1 යි.ඒ නිසා (5 //2 =2 ) විදියට ලැබෙනවා.ඒ වගේම ** (Exponent) ගණිත කර්මයෙන් ලැබෙන්නේ අදාළ බලය කීයද කියන එකයි .(5**2=5*5=25) පිළිතුර විදියට ලැබෙනවා.

 

 

අංක ගණිතමය කාරක හොදින් තේරුම් ගන්න ඔයාලත් අගයන් සහ කාරක වෙනස් කරලා තවත් උදාහරණ කීපයක් කරලා බලන්න.

සැසදුම් කාරක (Comparison Operators)
ප්‍රකාශනයක දෙපස අගයන් සංසන්දනය කරලා ඒ අගයන් දෙක අතර ඇති  සම්බන්ධය ගැන අදහසක් ලබා දීම සැසදුම්  කාරක මගින් සිදුවෙනවා.උදාහරණයක් විදියට 2 > 3 (2 විශාලයි 3 ) කියන ප්‍රකාශනය ගත්තොත් 2 කියන සංඛ්‍යාව 3 කියන සංඛ්‍යාවට වඩා කුඩා නිසා මේ ප්‍රකාශනය අසත්‍ය (false) වෙනවා. ඒ වගේම 3 > 2 (3 විශාලයි 2 ) කියන ප්‍රකාශනය ගත්තොත්  3 කියන සංඛ්‍යාව 2  කියන සංඛ්‍යාවට වඩා විශාල  නිසා මේ ප්‍රකාශනය සත්‍ය (true)  වෙනවා.සැසදුම් කාරක වර්ගයට අයත් කාරක පහත වගුවෙන් පැහැදිලි කරලා තියනවා.

කාරකය
භාවිතය
ප්‍රකාශය
ප්‍රතිඵලය
 කුඩා
2 < 3
සත්‍ය (true)

(less)
3 < 2
අසත්‍ය(false)
 විශාල
3 > 2
සත්‍ය(true)

(greater)
2 > 3
අසත්‍ය(false)
==
 සමාන
3 == 2
අසත්‍ය(false)

(equal)
3 == 3
සත්‍ය(true)
!=
අසමාන
3 != 2
සත්‍ය(true)

(not equal)
3 != 3
අසත්‍ය(false)
>=
විශාල හෝ සමාන
3 >= 2
සත්‍ය(true)

(greater than or equal)
2 >=2
සත්‍ය(true)
<=
කුඩා හෝ සමාන
3 <= 2
අසත්‍ය(false)

(less than or equal)
2 <= 2
සත්‍ය(true)
 
දැන් අපි තවත් උදාහරණයක්  අරගෙන සැසදුම් කාරක තව දුරටත් පැහැදිලි කර ගනිමු. විශාල හෝ සමාන ( >= ) කියන ප්‍රකාශනය මුලින්ම සැලකුවොත් මෙතනදී කොන්දේසි 2 ක් තියනවා. උදාහරණයක් විදියට 5 >= 2 කියන ප්‍රකාශනයේ කොන්දේසි වෙන්නේ (5 > 2  ) සහ (5 ==2 ).මේ අතරින් එක කොන්දේසියක් හරි සත්‍ය වෙනවනම් ප්‍රකශනය සත්‍ය වෙනවා. 5 > 2 ප්‍රකාශනය තමයි මේ උදාහරණයේ නම් සත්‍ය වෙන්නේ.එතකොට මුළු ප්‍රකාශනයම සත්‍ය වෙන එක තමා මෙතනදී වෙන්නේ. ඒ නිසා ( 5 >= 2 ) කියන්නේ සත්‍ය ප්‍රකාශනයක්.ඒ වගේම 5 >= 5 කියන ප්‍රකාශනයත් සත්‍ය ප්‍රකාශනයක්.ඒකට හේතුව  5 == 5 කියන ප්‍රකාශනය සත්‍ය වෙන එකයි.අපි කතා කරපු සැසදුම් කාරක පහත python වැඩසටහනෙන් වැඩිදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්.
 
 

 
පයිතන් පරිගණක භාෂාවේ භාවිතා වන කාරක (Python Operators) අතරින් අංක ගණිතමය කාරක ,සැසදුම් කාරක  ගැන අපි මේ post එකේදී විස්තරාත්මකව සාකච්චා කලා. තාර්කික කාරක  ගැන මීලග post එකෙන් කතා කරමු.

No comments:

Post a Comment